Saturday, September 19, 2015

අලි ප්‍රශ්නයක්

ශ්‍රී ලංකාවේ දැනට අලින් 5000කට අඩික ස්න්ක්යාවක් වනාන්තර වල ජීවත්වේ. මීට අමතරව සැලකියයුතු හිලෑ අලි ඇතුන් ප්‍රමාණයක්ද සිටියි . වනාන්තර වල ජීවත්වන අලින් බොහෝවිට වියළි කලාපයට සීමාවන අතර  යාල, උඩවලව, විල්පත්තු, මින්නේරිය, ලුණුගම්වෙහෙර, වැනි රක්ෂිත වනාන්තර තුල හා ඒ අවට අනාරක්ෂිත කලාපයේ ද ජිවත් වන මෙම සතුන් අදවනවිට විශාල අවදානමකට මුහුනදී ඇත. වසරකට වන අලින් 100කට අඩික ප්‍රමාණයක් මියයන අතර මිට හේතු ගණනාවක් බලපායි. මින් ප්‍රමුක සිථානයක් ගන්නේ මිනිස් ක්‍රියාකාරකම්ය. මේඅතර වෙඩිතැබීම්, හක්කපටස්, වගා ළිං වලට වටීම, දුම්රිට හසුවීම ජනී කරනා නිසා සැම වසරකම සැලකිය යුතු අලි ඇතුන් ප්‍රමාණයක් මියයයි.

හක්ක පටස් නිසා තුවාල ලැබූ අලි පැටවෙක් 
දුම්රියේ වැදීම නිසා මියගිය අලියෙක් 

මේ සියල්ල අතරතුර ඉතාම කණගාටු දායක යත්වයක්ද වේ. එනම් ශ්‍රී ලංකාවේ හිලෑ අලි ඇතුන්ගේ අඩුවක් ඇතිබව පවසා තව තවත් වන අලින් හිලෑ කිරීමට අවසර ඉල්ලීමයි. ඇතටම හිලෑ අලිඅතුන්ගේ හිගයක් තිබෙනවද? එසේවීමට හේතුව කුමක්ද? මීට වගකිවයුත්තේ කව්ද?

හිලෑ අලිඅතුන්ගේ හිගයක් තිබෙනවද?
ශ්‍රී ලංකාවේ නොයෙකුත් ක්‍රියාකාරකම් සදහා හිලෑ අලි ඇතුන් යොදාගනියි. පෙරහැර, සංචාරක කර්මාන්තය හා සම්බන්ද කටයුතු සදහා, බරවැඩ හෝ නොයෙකුත් උත්සව සදහා බොහෝවිට මෙම සතුන් යොදාගන්යි.
මේ නිසා හිලෑ අලි ඇතුන්ට ඇති ඉල්ලුම දිනෙන් දින වෙඩි වේ.

බොහෝවිට හබරණ හා දඹුල්ල නගර අශ්‍රිතව සංචාරකයන් ඉලක්ක කරගෙන සිදුකරන අලි පිටේ ගමන් කිරීම (Elephant Ride) එක උදාහරණයකි. අද කලේ බරවැඩ සඳහා සතුන් වැඩිපුර යොදා නොගැනුනත් යම් යම් අවස්ථාවලදී එසේ සිදුවේ.
නමුත් උත්සව සඳහා අලි ඇතුන් යොදා ගෙනීම දැන් දැන් ඉහල යයි. විවාහ මංගල උත්සව, පුද්ගලික ආයතන වල උත්සව, පාසැල් ක්‍රීඩා තරග, දේශපාලන රැලි හෝ උත්සව මේ අතරින් කිහිපයකි.
මේ අතර දිනෙන් දින වැඩි වන පෙරහෙර සඳහාද අලි ඇතුන් විශාල ප්‍රමාණක් අගශ්‍යවේ.
මෙසේ සලකා බලීමෙදි සැබවින්ම හිලෑ අලි ඇතුන් ගේ හිගයක් පවතයි.

එසේවීමට හේතුව කුමක්ද?
මෙසේ වීමට මුලිකම හේතුව වන්නේ දැනට සිටින හිලෑ සතුන්ගෙන් දෙවන පරපුරක් බිහිනොවිමයි. මෙසේ දෙවනපරපුරක් බිහිනොවිමට හේතු වන කරනා කිහිපයක් ඇත. අලි හිමිකරුවන් බොහෝවිට ප්රිමිසතුන් සංසර්ගයේ යෙදවීමට මැලිකමක් දැක්වයි. ඊට හේතුව වන්නේ එසේ පිරිමි සතුන් සංසර්ගයේ යෙදවූ විට ඔවුන් ඊට හුරුවී නිතර නිතර මද කිපීම සිදුවන නිසා ය. එනම්  සතා නිතර නිතර ප්‍රචණ්ඩ වේ.  ඒවගේම ගැහැණු සතෙකුනම් උගේ ගැබ් කාලය මස 22ක් පමණ නිසා එම කාලය තුල එම සතාගෙන් වැඩ ගැනීමට අපහසුය. ඒ වගේම එම කාලය තුල අයිතිකරුට විශාල වියදමක්ද දැරීමට සිදුවේ. මෙම හේතු නිසාද දැනට සිටින හිලෑ සතුන්ගෙන් අවශ්‍යය තරම් දෙවන පරපුරක් බිහිනොවේ.

මීට වගකිවයුත්තේ කව්ද?
පැහැදිලිවම මීට මුලිකවම වගකිවයුත්තේ අලි හිමිකරුවන් නොවේද?

මෙම ගටලුව සඳහා මම දකින විසදුමක් ඇත. එය ඉදිරි ලිපියකදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙමි.

No comments:

Post a Comment