Monday, September 21, 2015

කිරි ගවයින්ට අභය දනය දීමේ පිංකම මස් කඩකරුට බෝනස් දීමක්ද?

කිරි ගවයින්ට අභය දනය දීමේ පිංකම ගැන ඔබ බොහෝ අසා ඇත. නමුත් එය සැබවිම පින්කමක්ද? බැලුබැල්මටම එය පින්කමක් ලෙස පෙනුනද එයින් පිනකට වඩා වන්නේ මස්කඩකාරයින් පොහොසත් කිරීමකි.

මස්කඩයට දිනකට යම්කිසි ඇනවුමක් ඇත. එය දිනකට ගවයින් 5ක් නම් එම ඉල්ලුම ඔහු කෙසේහෝ සපුරනු ලබයි. පිනට නිදහස් කිරීම සඳහා ගවයෙකු අවශ්‍යය බව කඩ කරුට දැනුම් දුන් පසු ඔහු කරන්නේ හයවන සතෙකු ගෙනත් දීමයි. මෙයින් වන්නේ මස් වෙළෙන්දාට අමතර අදායමක් හිමිවීමයි. පිනට නිදහස්කරන සතා වෙනුවට ඔහු වෙනත් සතෙකු මරා අවශ්‍යය මස් ප්‍රමාණය ලබගන්යි. බොහෝදෙනා මේදේ ගැන සිතන්නේ නැත.

එසේනම් සැබවින්ම අප කලයුත්තේ කුමක්ද? අප කල යුත්තේ මාංශ පරිබෝජනය අඩුකිරීමයි. එය කලයුත්තේ තමන් නොකන මස් හෝ මාළු වර්ග ගණන අඩුකිරීමෙන් නොව පරිබෝජනය කරන මස් ප්‍රමාණය අඩුකිරිමෙනි. ඔබ ගවමස් නොකන්නෙකු වියහැක, නමුත් ඔබ දිනපතා කකුළු මස් මාලු හෝ කරවල වැනි මාංශ ආහාරයට ගන්නේනම් එය නිෂ්පල ක්‍රියාවකි. මන්ද ගවයා ගේ ප්‍රාණය මෙන්ම අනෙකුත් සතුන්ගේ ප්‍රානයද වැදගත්වන හෙයිනි.

කීප අවස්ථාවකදී මරණයෙන් මුදවාගත් ගවයින් දණගසා මරණයෙන් මුදවාගත් පුද්ගලයට වදින චයාරුප දැක ඇත. නමුත් එම සතා මුදවා ගැනිඉම නිසා වෙනත් සතෙකු ගතනයට ලක්වේ. එම සතුන් ගේ චයරුප දක්නට නොලේබිම කණගාටුවට කරුණකි.

මේ වගේම තවත් පින්කමක් ඇත. ඒ තමයි කූඩු කර ඇති කුරුල්ලන් නිදහස් කිරීම. එහිදීද සිදුවන්නේ නිදහසේ ඉන්න කුරුල්ලන් අල්ලා කුඩුකර නිදහස් කිරීමට අලවි කිරීමයි. ඔබ එමසතුන් නිදහස්කිරීමට මිලදී නොගනියි නම් එම කුරුල්ලන් කාගෙවත් ගොදුරක් ද වන්නේ නැත.

මෙවැනි පින්කම් ගැන ඔබ දෙවරක් කල්පනා කලයුතුය.

ගවයන් මස් පිනිස ඝාතනය කරන ආකාරය පහත video එකෙන් බලන්න පුළුවන්
https://www.youtube.com/watch?v=CKeE_SPSbio

මාලුවෙක් මරණයට පත්වන ආකාරය ගැන කියවෙන සංවේදී දැන්වීමක් පහතින්
https://www.youtube.com/watch?v=6KUwib-rGis


No comments:

Post a Comment